COVID-19 තුන්වන රැල්ලත් සමග නැවතත් වෛරසය අප රටේ හිස එසවීමත් සමගම පාසල් , දිවාසුරැකුම් මධ්‍යස්ථාන සහ speech therapy clinics වසා තැබීම නිසා දරුවන් නැවත වැඩි වේලාවක් නිවසේ රැදෙනවා.
මේ සමග නැවතත් Online speech therapy වල වැදගත්කම මතුවෙනව. සැම විටම නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට යන අප ආයතනය පලමුවන රැල්ලත් සමග අප ආරම්භ කල අපේ online speech therapy sessions ඉතා සාර්ථක වුනා. අලුතින් මේ ලිපිය කියවන සියලු දෙනාව අප පිලිගන්නවා.
Online speech therapy යනු කුමක්ද?
සරලව හැදින්වුවහොත් අන්තර්ජාලය(Internet) හරහා කථන චිකිත්සකවරයෙකු (Speech therapists) මගින් කථන චිකිත්සාව (Speech therapy) ලබාදීම ලෙස මෙය හැදින්විය හැක.
මෙය Telepractise ලෙසද හදුන්වනවා. බොහෝ රටවල මේ තාක්ෂණය යටතේ සැත්කම් (Surgery) පවා සිදුවෙනවා. මෙහිදී ඇති වාසිය වන්නේ ලොව ඕනෑම රටක සිට හෝ ඕනෑම ස්ථානයක සිට මේ සේවාව ලබා ගත හැකිවීමයි. මේ නිසා Lockdown ප්‍රදේශවල සිටින පුද්ගලයන්ටද මෙය ප්‍රයෝජනවත් වේ.
COVID-19 lockdown ගැන කතාවෙන මේ මොහොතේ කථන හා භාෂා අපහසුතා ඇති දරුවන්ගේ දෙමාපියන් බොහෝවිට දරුවන් speech therapy සදහා රැගෙන යාමට තරමක් සැලකිලිමත් වෙනවා හෝ වැලකී සිටිනවා. එක දිගට Speech therapy ලබාදීමේ වැදගත්කම පිළිබඳව නොදැනුවත්කම හා ඒ පිලිබදව අවබෝධය අඩුකම නිසා Online speech therapy සේවාව ලබාගැනීම මගහරිනවා. .
“අපෝ මේ ලමයා එක තැනක තියාගෙන ඉන්නේ කොහොමද ”
“Laptop එක දැම්මම youtube යනවා”
“අපේ ලමයාගේ severity එක ගොඩක් වැඩියි, ඒ නිසා මේක හරියන්නේ නැහැ” වගේ විවිධ දේවල් කියනවා.
අපේ අත්දැකීම් අනුව ඉහත මේ ප්‍රකාශ අපිට පිලිගන්න අපහසුයි. මොකද මෙය බොහොදුරට සාර්ථක ක්‍රමයක්. මේ මගින් සාර්ථක ප්‍රතිඵල අප ලබාගෙන තියනවා දෙමාපියන් පවා පුදුම වෙනවා. මෙහිදී ඔවුන්ගේ සහභාගීත්වයත් ඉතා අවශයයි.
දරුවාට යහපතක් කිරීමට නම් මේ දේ අනිවාර්යයෙන්ම උත්සාහ කල යුතුයි. මෙය Online speech therapy සදහාම පමණක් නොවේ, එදිනෙදා දිනචර්යාවටද අදාලවේ. එනම් තම දරුවාව නිවැරදිව හසුරුවා ගන්නේ කොහොමද කියන විදියත් ඔබට ඉගෙනගැනීමට පුලුවන්.
ඔබේ පහසුව සදහා අප ආයතනයෙන් Zoom, Skype, Whatsapp මගින් Online speech therapy ආරම්භ කර තිබෙනවා.
දෙමාපියන් මෙයට සූදානම් විය යුතු ආකාරය..
Speech therapy පටන් ගන්න පෙර දරුවා වාඩිකල යුතු ආකාරය, අවශය සෙල්ලම් බඩු ආදිය Speech therapist දරුවාට කරන ක්‍රියාකාරකම් හා සංකල්ප පිළිබඳව ඔබව දැනුවත් කිරීමක් කරයි. ඔබ මේ ක්‍රියාකාරකම් කිරීම සදහා දරුවා සමග සිටිය යුතුය.
මීට අමතරව නිවසේදීම ඔබට කල හැකි Free Speech therapy activities කිහිපයක් මීට පෙරදී අපි පලකලා එයත් මේ සමගම කියවන්න. එවිට ඔබ, දරුවා සහ කථන චිකිත්සකවරයා යන පාර්ශව තුනම එකතුවී එම කාර්යයන් කිරීම සුදුසුය.
මදක් සිතන්න… දරුවා නිවසට වී කුමක් හෝ නොකරනවාට වඩා මෙවැනි කාර්යයන් කිරීමේ වැදගත් කම.
ඔබටත් මෙම සේවාව ලබා ගැනීමට අවශ්‍යනම් අදම අපිව සම්බන්ධ කරගන්න.