Selective mutism

Due her selective mutism child feels neglected, while others in the class are playing together

Selective mutism යනු කුමක්ද ?

Selective mutism කියන තත්වය සරලව හැදින්වුව හොත් කියන්න තිබෙන්නේ තෝරාගත් පුද්ගලයන් සමග පමණක් කතා කරන අතර අනෙක් අය සමග කතා නොකිරීම හෝ කතාව අඩුකිරීමයි. බොහෝවිට දෙමාපියන් හා තම සහෝදර සහෝදරියන් සමග පමණක් හොදින් කතාකරන අතර අනෙක් පිටස්තර පුද්ගලයන් සමග කතා නොකරයි. මෙය කියවන ඔබටත් මෙවැනි පුද්ගලයෙක් හෝ ලමයෙක් මතකයට එනවාද? විශේෂයෙන්ම කුඩා ලමයින් මෙවැනි ලක්ෂණ පෙන්නුම් කරයි.

මේ තත්වය ලමයින් තුල ඇතිවෙන Anxiety disorder එකක් ලෙස හදුන්වාදිය හැකි. ඉහත විස්තර කල පරිදි මෙහිදි ප්‍රධානව සිදුවන්නේ ලමයාට අන් අය ඉදිරියේ කතාකිරීම හා තම අදහස් ප්‍රකාශ කිරීමට නොහැකිවීමයි. මේ නිසා දෙමාපියන් නිරන්තරයෙන් කියන්නේ

බලන්න මේ ලමයා ගෙදරදිනම් හොදට කතාකරනවා ඒත් ඉස්කෝලේදි හරි ගෙදරින් පිට දී හරි වෙන කාත් එක්කවත් කතාකරන්නේ නැහැ…

පුද්ගලයාගෙන් පුද්ගලයාට Selective mutism වෙනස් විය හැක. මෙය දරුවන්ට පමණක් සීමා නොවේ. සමහර වැඩිහිටියන්ද මේ තත්වය ඇත. ඒ අය තම පවුලේ පුද්ගලයන් සමග පමණක් කතාකරන අතර පිට වෙනත් අය සමග කතා නොකරයි හෝ රහසෙන් මෙන් කතාකරයි මෙයද Selective mutism වේ.

මේ මගින් සිදුවන බලපෑම…

Selective mutism ඇති දරුවන් පාසලේදී ද කතාබහ නොකරන නිසා එහෙදී ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවේ. ලමයාගේ කථනය අඩුකම නිසා පන්ති කාමරයේ ලමයා කොන්වීමක් සිදුවිය හැක. මීට අමතරව මෙවැනි දරුවන්ට අධික කෝපයක් ඇතිවිය හැකිවේ. ගුරුවරුන් විසින් මේ තත්වය මුලින්ම හදුනාගනු ලබයි. බොහෝවිට මේ දරුවන් ප්‍රථමයෙන් හදුනාගන්නේ කථන ප්‍රමාදයන් (Delayed speech) සහිත දරුවන් ලෙසයි. මේ නිසා ගුරුවරුන් ඔබේ දරුවා ගැන යමක් කියනවිටදී ඒ පිළිබඳව අවධානය දෙන්න.

ඉහත හේතු නිසා අනෙක් දරුවන් සමග එකතුවීම, නව මිතුරන් ඇතිකර ගැනීම, සාමුහික ක්‍රියාකාරකම්වලදී දරුවා පසුබසී. මෙම තත්වය ඇති දරුවන් මෙවිට වෙනත් ආකාරයෙන් (Non Verbally) තම අදහස් ප්‍රකාශ කිරීම සිදුකරයි. එනම් ඇගිලිවලින් පෙන්වීම(Pointing), ලිවීමෙන් (Writing). ඔබ මෙවැනි තත්වයක් ඔබේ දරුවාගේ දකීනම් වහාම මේ ගැන අවධානය යොමුකරන්න…

මෙම ගැටලුව සදහා ඔබ අනිවාර්යයෙන්ම කථන චිකිත්සකවරයෙකුට ( Speech Language Pathologist/ Therapists) ඔබේ දරුවා යොමු කල යුතුය. මේ සම්බන්ධ ගැටලු හදුනාගැනීම හා ප්‍රතිකාර කිරීමට ඔවුන්ට පුලුවන්ය. මේ සම්බන්ධව හෝ කථන අපහසුතා පිළිබඳව ඕනෑම ගැටලුවක් ඇතිනම් Miracle L Speech & Hearing Center හි අපව සම්බන්ධ කරගන්න.

අදම වේලාවක් වෙන්කර ගන්න…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *