Attention Deficit Hyperactivity Disorder (ADHD)

what is Attention Deficit Hyperactivity Disorder (ADHD)

Attention-Deficit Hyperactivity Disorder (ADHD) යනු වර්තමානයේ බොහෝ ලෙස ඇසෙන සුලබ Behavioral disorder එකකි. එවැනි අයෙකුට යම් කාර්යයකට,

  • අවධානය දීමේ අපහසුතාවය
  • අධික ක්‍රියාකාරීත්වය
  • ආවේගශීලිව හැසිරීම වැනි

ඉහත සදහන් මූලික ලක්ෂණ පැවතිය හැක. බොහෝදෙනා සිතන්නේ ADHD කුඩා ලමයින්ට පමණක් සීමාවු තත්ත්වයක් ලෙසයි, නමුත් එය වැඩිහිටියන්ටද පැවතිය හැක. බොහෝවිට සිදුවන්නේ එය ලමයාගේ කුඩා කාලයේදී ආරම්භවී ඔවුන් වැඩිහිටියන්වු පසුවද පැවතීමයි.

වයස අවුරුදු 9 -12 දී ADHD ඇති ලමයින් සාමාන්‍යයෙන් හදුනා ගැනීම සිදුවේ. ADHD හදුනා ගැනීම අපහසු වන්නේ ADHD සමග Autism වැනි වෙනත් තත්ත්වයන් පැවතින විටයි. බොහෝ දෙනා ADHD නමේ ඇති තේරුම වැරදි ලෙස අර්ථකථනය කර ඇත. එනම් සෑම ADHD ඇති පුද්ගලයන්ටම වාඩිවී සිටීම හා අවධානය දීමේ හැකියාව අඩු බවයි. එය වැරදි නිගමනයකි. එම ලමයින්ගේ අවධානය (attention) වර්ධනය වු විට ඔවුන්ට සාමාන්‍ය ලමයින් මෙන් ඉගෙනීමට හැක.

Attention Deficit Hyperactivity Disorder සහිත පුද්ගලයන්ගේ ලක්ෂණ.

  1. ආවේගශීලිව හැසිරීම (Impulsiveness)
  2. අධි ක්‍රියාකාරීත්වය/නොසන්සුන් කම (Excessive activity or restlessness)
  3. කාලය කලමනාකරණය කල නොහැකිවීම ( Poor time management skills)
  4. සැලසුම් කිරීමේ හැකියාව අඩුකම ( Poor planning)
  5. ඉතා ඉක්මනින් යම් දෙයකට ඇති අපේක්ෂා බිදවැටීම (Low frustration tolerance)
  6. ඉතා ඉක්මනින් මනෝභාවය වෙනස් වීම (Frequent mood swings)
  7. ඉක්මනින් කේන්තියාම (Hot temper)
  8. සංවිධානාත්මක බව අඩුවීම (Poor organisation skills)
  9. ආතතිය පාලනය කිරීමට නොහැකිවීම (Trouble coping with stress).
  • එක් ස්ථානයක වාඩිවී යම් කාර්යයක් කිරීමට අපහසු වීම
  • තම වාරය ලැබෙන තුරු බලාසිටීමට නොහැකිවීම
  • නිතර පඩිපෙළ නැගීම, බැසීම
  • ජනෙල්වල එල්ලීම වැනි ලක්ශණ පෙන්නුම් කල හැක.

ඉහත ලක්ෂණවල තීව්‍රතාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක. මේ හේතුවෙන් එම පුද්ගලයන්ට ඔවුන්ගේ එදිනෙදා කටයුතු වලට, අධ්‍යාපනයට, රැකියාව කිරීමට බාධා ඇතිකරයි. අන්අය සමග ඇති සම්බන්ධතා පලුදුවීම්, ආත්මවිශ්වාසය බිදවැටීම් සිදුවිය හැක.

ඉහත හේතු නිසා ADHD ඉක්මනින් හදුනා ගැනීම වැදගත්වේ. මේ සදහා සෑම විටම විශේෂ උපදෙස් පතන්න.

ADHD සමග ඇතිවිය හැකි අනෙක් රෝගී තත්වයන්…

  1. මානසික ආබාධ (Mood disorders)

ADHD නිසා නිතර නිතර තම කාර්යයන් අසාර්ථකවීම හෝ තම කාර්යයන් කරගැනීමට නොහැකි වීමෙන් ඇතිවන කලකිරීමෙන් මානසික පීඩනයක් බවට පත්විය හැක.

2. Learning disability

ADHD හේතුවෙන් ඔවුන්ගේ වයසට අදාල බුද්ධියට හා අධ්‍යාපන ක්‍රියාවලියට බාධා විය හැක. Learning disability හේතුවෙන් එම පුද්ගලයන්ට කථා කිරීමේ ප්‍රමාදයන් හා තේරුම්ගැනීමේ හැකියාවන් දුර්වල විය හැක.

කථන චිකිත්සකවරයෙකුගේ (speech therapists) කාර්යය…

මාගේ අත්දැකීම් අනුව බොහෝ දෙමාපියන් තම ලමයාට ADHD ඇති දැයි සෑම විටම අසයි/සැක කරයි. මෙයට හේතුව වන්නේ ලමයා තරමක් දගකාරී වූ පමණින් ඔවුන් විසින් තම දරුවාට ADHD දැයි සැකය කිරීමයි. ඔබට සැකයක් ඇතිවිට ඒ සම්බන්ධව විශේෂයෙන් පුහුණුවු doctor කෙනෙක් මුනගැසී එය නිරාකරණය කරගන්න.

Attention-Deficit Hyperactivity Disorder (ADHD) සමග කථන ප්‍රමාදයන් ඇති ලමුන්ගේ ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ඔවුන්ට යම් දෙයක් ඉගෙනීමට ඇති මුලික අවශ්‍යතා (Pre- requisite for learning) සපුරා නොමැතිවීමයි. Speech therapists (කථන චිකිත්සකවරයෙකු) වශයෙන් ප්‍රථමයෙන් එම අවශ්‍යතා සපුරාලීය යුතුය. එවිට යහපත් ප්‍රතිඵලය ලබාගත හැකි වන අතර ADHD ලක්ෂණද අවම කරගත හැක.

ADHD Check list

Leave a Reply

Your email address will not be published. Required fields are marked *