Autism(ඔටිසම්) : Speech Therapy

Autism Speech Therapy srilanka

Autism (ඔටිසම්) වර්තමානයේ සුලබව ඇසෙන තත්ත්වයකි. බොහෝ දෙමාපියන් ඔටිසම් සහ Speech Therapy පිළිබඳව වැඩි අවදානයක් ලබාදේ. මේවන විට බොහොමයක් දරුවන් මෙම තත්වයෙන් පෙලේ. බොහෝ දෙමාපියන්, දරුවාගේ මේ තත්ත්වය පිළිබඳව කලකිරීම නිසා මෙම තත්වය මගහරවා ගැනීමට හෝ අඩු කිරීමට උත්සාහ ගන්නේ නැත.ඇත්තටම “ඔටිසම්” යනු කුමක්ද? ඔටිසම් වල ලක්ශණ මොනවාද යන්න සමහර දෙමාපියන්ගේ දැනුවත්බව තරමක් අඩුය.

අප්‍රේල් මස 2 වන දින , ලෝක ඔටිසම් දැනුවත් කිරීමේ දිනය (World Autism Awareness Day 2020) ලෙස United Nations
විසින් නම් කරන ලදි.

ඔටිසම් තත්වය ඇතිවීමට හේතු බොහෝ ප්‍රමාණයක් තිබිය හැකිය. නමුත් එය නිශ්චිතවම කුමක්ද යන්න කිව නොහැකිය. වර්තමානයේ නව ප්‍රබේදයක ඔටිසම් තත්ත්වයක් හදුනාගෙන ඇත. එනම් Virtual autism, මෙයට ප්‍රධාන හේතුව වන්නේ අධිකව TV, Phone, Tabs නැරඹීමයි.

ඔටිසම් සහිත ලමයකුගේ ලක්ශණ ලමයාගේන් ලමයාට වෙනස් විය හැකි සහ රෝගයේ තිවුරතාවය(Severity) වෙනස්විය හැක.

Autism(ඔටිසම්) ප්‍රධාන ලක්ශණ වන්නේ

  • අදහස් හුවමාරු කිරීම හැකියාව අඩුවීම
  • වෙනත් ලමයින් සමග එකතු නොවීම.(Poor social skills)
  • ඇස් දෙස බලා කථා කිරීම අඩුවීම (Poor eye contact)
  • ඇගිලිවලින්(දබර ඇගිල්ල) පෙන්වීමේ හැකියාව නැතිවීම (No pointing behavior)
  • එකමදේ නැවත නැවත කීම/කිරීම
  • සංගීතයට දැඩි කැමැත්තක් දැකිවීම
  • කැරකෙන දේ වලට වැඩි ආකර්ශන වීම සහ ඒ දෙස වැඩි වේලාවක් බලාසිටීම

මෙම ලක්ශන ලමයාගේන් ලමයාට වෙනස්විය හැක. එම නිසා පුර්ව නිගමනයකට නොපැමිණ, මෙය මගහරවා ගැනීමට කටයුතු කරන්න.

දෙමාපියනි ඔබගේ සහය ඔබගේ දරුවාට අනිවාර්යයෙන්ම අවශ්‍යවේ. ඔබගේ දරුවාට අනාගතයේ තනිව ජීවත්වීමට අවශ්‍ය ලෙස ඔවුන්ව දැන්සිටම සුදානම් කරන්න.මෙවැනි ලමුන්ගේ හැසිරීම් රටාව වෙනස් කිරීම (Behavior modification) මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක. මීට අමතරව වෙනත් බොහෝ Therapy ක්‍රම වර්තමානයේ පවතී. Speech pathologists/therapists මුනගැසී දෙමාපියන්ට අවශ්‍ය දැනුම හා ලමයාට autism speech therapy ලබාදීම හා එම ක්‍රියාකාරකම් නිවසේදී නැවත කිරීම අත්‍යවශ්‍යය වේ.

ඔබට වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට පහත Video නරඹන්න.

ඔබ ඔබගේ දරුවාට Autism ඇති දැයි සැක කරනවා නම් කරුණාකර පහත Link එකේ ඇති ප්‍රශ්න නිවැරදිව කියවා පිළිතුරු ලබා දෙන්න. අපගේ කථන චිකිත්සකවරයෙකු ඔබව සම්බන්ධ කරගනී. මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න.

මෙම ලිපිය වැදගත්වේ යැයි සිතන්නේ නම් මෙය තවත් අයෙකු සමග බෙදා ගන්න ….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *