Down Syndrome: Speech therapy

ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් (Down Syndrome) දිනය මාර්තු 21දී පැවතුනා. එය පාදක කර ගෙන මේ ඩවුන් සින්ඩ්‍රෝම් (Down Syndrome) ලිපිය ලිවීමට තීරණය කලා.

ඔබත් ඩවුන් සින්ඩ්‍රෝම් එනම් ඩවුන්සහලක්ශණය සහිත පුද්ගලයෙකු දැක තිබේද? සමහරවිට ඔබට එය හුරු පුරුදු නොවෙන්න පුලුවන්. මෙවැනි දරුවන් බොහෝවිට සමාජයේ කොන්වන ස්වභාවයක් දක්නට ලැබෙනවා. මීට අමතරව ඔවුන්ව වෙනත් නම් වලින් හැදින්වීම, ඔවුන්ට නිග්‍රහ කිරීම සිදුවනවා. අපි ඔවුන්ව අප සමාජයේම කොටසක් ලෙස සැලකිය යුතුය. ඔවුන් පිළිබඳව ඇති ආකල්ප අප වෙනස් කල යුතුය. මේ ලිපිය මගින් එනම් ඩවුන් සින්ඩ්‍රොම් (Down Syndrome) හා එවැනි පුද්ගලයන්ට/දරුවන්ට කථන චිකිත්සාවේ( Speech therapy) වැදගත් කම පිළිබඳව විස්තර ගෙන එනවා.

ඩවුන් සින්ඩ්‍රොම් (Down Syndrome) යනු …..

මෙය ජාන විකෘතිතාවයක් හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයකි. මෙම රෝගී තත්ත්වය ට්‍රයිසෝම් 21 ලෙසද හදුන්වනවා. මෙහිදී 21 වන වර්ණ දේහය වෙනස් වීමකට ලක්වේ. මිනිස් සිරුරේ වර්ණදේහ 46 පවතී. ඒවා වර්ණ දේහය යුගල් 23 ලෙස පවතී. වර්ණදේහ මගින් පරම්පරාවෙන් පරම්පරාවට ලක්ශණ රැගෙනයාම සිදුකරයි. මෙම ක්‍රියාවලියේදී මවගෙන් වර්ණදේහ 23 හා පියාගෙන් වර්ණදේහ 23 දරුවාට ලැබීම සිදුවේ. මෙහිදී 21 වන වර්ණදේහ අතිරේකව ලැබීම සිදුවේ මෙය Down syndrome තත්ත්වයට හේතුව වේ.

ඩවුන් සින්ඩ්‍රොම් බලපාන හේතු…

ඉහත කී ආකාරයට අනුව මෙය ජාන විකෘතිතාවයක් හේතුවෙන් හටගන්නා රෝගයකි. මෙහිදී මව හෝ පියාට අනිවාර්යයෙන්ම ඩවුන් සින්ඩ්‍රොම් තිබිය යුතු නැත.

ඩවුන් සින්ඩ්‍රොම් සහිත පුද්ගලයන්ගේ ලක්ශණ

මොවුන්ගේ දක්නට ලැබෙන ප්‍රධාන ලක්ශණ වන්නේ ඔවුන්ගේ ඇති,
1) බුද්ධි මට්ටමේ වෙනස් කම
2) වර්ධනයේ සිදුවන වෙනස් කම්
3) කථන හා භාෂාවේ සිදුවන වෙනස් කම්
4) ශරීරයයේ සිදුවන වෙනස් කම්
ඉහත ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ..

පහත රූපය මගින් ඩවුන් සින්ඩ්‍රොම් සහිත පුද්ගලයකුගේ මුහුනේ සිදුවන වෙනස්කම් පහසුවෙන් දැකිය හැක.

  • උඩ අතට ඇලවූ කුඩා ඇස්
  • කෙටි හා පලල ගෙල
  • මුඛය විවෘත වී දිව එලියට පැමිනීම.
  • පැතලි නාසයක් තිබීම
  • කුඩා කන් තිබීම
  • මාංශපේෂි වල ශක්තිය අඩුකම

මෙවැනි තත්ත්ව නිසා වෙනත් රෝගී තත්ත්වයන් වැලදීමේ වැඩි අවධානමක් පවතී.

  • හෘදරෝග
  • ශ්‍රවණය අපහසුතා
  • පෙනීමේ අපසුතා
  • ස්වසන රෝග
  • තයිරොයිඩ් ග්‍රන්ථ ආශිත රෝග නම් කල හැකියි.

මෙවැනි තත්ත්ව නිසා වෙනත් රෝගී තත්ත්වයන් වැලදීමේ වැඩි අවධානමක් පවතී. හෘදරෝග, ශ්‍රවණය අපහසුතා, පෙනීමේ අපසුතා, ස්වසන රෝග, තයිරොයිඩ් ග්‍රන්ථ ආශිත රෝග නම් කල හැකියි.

ඉහත සියලු හේතුවෙන් ඩවුන් සින්ඩ්‍රොම් සහිත ලමයෙක් නිතර ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳව අවදානයෙන් සිටය යුතුය. වාර්ශිකව ශ්‍රවණ පරීක්ෂා සිදුකර ගැනීම, හෘද පරීක්ෂාකර ගැනීම අනිවාර්යවේ.

මෙහිදී කථන චිකිත්සාවේ (speech therapy) වැදගත්කම නිතර මතුවේ. ඩවුන් සින්ඩ්‍රොම් සහිතපුද්ගලයන් තම අදහස් ප්‍රකාශ කිරීමට අනිවාර්යයෙන්ම පුරුදු කලයුතුය. එසේ නොමැතිවිට අනාගතය ඔවුන් තම කාර්යය ස්වාධීනව කල හැකිද යන්න දෙමාපියන් වශයෙන් ඔබ සිතිය යුතුමය. කුඩා කලසිට කථන චිකිත්සාව ලබාදීම එම නිසා සුදුසුය.

ඔවුන් අනෙක් කුසලාතා සමග කථන හා භාෂා හැකියාව වර්ධනය කල යුතුවේ. ඩවුන්සි න්ඩ්‍රොම් සහිත ලමුන් සමාජශීලිය, නැටුමට, ගැයුමට දක්ශය. කථන චිකිත්සාව සමග භතික චිකිත්සාව(physio therapy) , වෘත්තීය චිකිත්සාව (Vocational therapy) ආරම්භ කිරීම සුදුසුය.

එවිට ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය තනිවම පවත්වගෙන යා හැක. මේ සදහා සියලු දෙනා ඔවුන්ට උදව් කරමු.