Site icon Miracle Speech and Hearing Center

Tongue tie (දිව ගැටගැසීම)

Tongue tie child open his mouth and cry

Tongue tie (දිව ගැටගැසීම) කියන්නේ දරුවන්ගේ උපතේදී ඇතිවන තත්වයකි. මෙහිදී සිදුවන්නේ දරුවාගේ දිවේ චලනයන් සීමා කිරීමක්, සරලවම කිව්වොත් දිව එහා මෙහා කිරීම සීමාවීමකි.

ඇයි මෙහෙම වෙන්නේ?

ඔබ කණ්නාඩියක් ඉදිරියට ගොස් ඔබේ දිව උස්සා බැලුවොත් ඔබට පේනවා නේද දිග සම කොටස් ඔබේ දිවට සම්බන්ධ වී ඇතිබව, මෙය අපි හදුන්වන්නේ lingual frenulum කියල. යම් දරුවෙකුගේ මේ කොටස කෙටි හෝ තරමක් මහත්වී තිබුනහොත් ඒ දරුවන් Tongue tie ඇති දරුවන් ලෙස සලකනවා. මේ නිසා ඒ දරුවන්ගේ දිව එහා මෙහා කිරීම අපහසු වෙනවා.

Tongue tie නිසා දරුවන්ට පහත ලක්ශණ ඇතිවේ.

මේ සදහා කල හැකි ප්‍රතිකාර කුමක්ද?

මේ සදහා මත දෙකක් පවතිනවා. සමහර වෛද්‍යයවරුන් මෙය ශල්‍යකර්මයක් මගින් නිවැරදි කරන අතර තවත් සමහර වෛද්‍යයවරුන් යම් කාලයක් දරුවාව නිරීක්ෂණය කරන්නේ කාලයත් සමග tongue tie එක වෙනස්වීමට ඉඩ ඇති බැවිනි.

නවතම පරීක්ෂණ වාර්තා අනුව tongue tie ඇති දරුවන්ගෙන් 40%කට පමණක් ශල්‍යකර්මයක් අවශ්‍ය වේ යැයි හදුනාගෙන ඇත. ප්‍රතිකාර නොකල සමහර දරුවන්ගේ මේ දිව ගැටගැසීම වැඩිහිටියන් වන තෙක්ම පැවතිය හැක.

මේ නිසා මේ ගැන දෙමාපියන් ලෙස සැලකිලිමත් වෙන්න. අවශ්‍ය විට ශල්‍යකර්මයක් මගින් මේ තත්වය නිවැරදි කලයුතුවේ. පසුව කථන චිකිත්සාව සදහා යොමු කරයි.

වයස අවුරුදු 5න් පසුවත් මේ තත්වය පැවතීනම් හා ශල්‍යකර්මයෙන් පසුව දරුවන්ගේ උච්චාරණය අපහසුතා සදහා කථන චිකිත්සාව (speech therapy) ලබාදීම අවශ්‍ය වේ…

අදම අපේ කථන ච්කිතිසකවරයෙක් මුනගැසෙන්න...

Exit mobile version