Pronunciation Difficulty – උච්චාරණය කිරීමේ අපහසුතා

ඔබට මතකද ඔබේ කුඩා දරුවාගේ කතා කිරීමේ විලාශය? බොහෝ විට ඔවුන් වැඩිහිටි  අප කථාකරන අන්දමට වඩා වෙනස්ය. ඔබ සිතුවාද ඇයි දරුවා මේ විදියට කතාකරන්නේ කියල? එයට හේතුව වන්නේ සමහර ශබ්ද ඔවුන්ට උච්චාරණය කිරීමට අපහසුතා (Pronunciation Difficulty) නිසායි. ඔවුන් ඔවුන්ගේම වචන සාදාගනිමින් කථා කිරීම සිදුකරයි.

Phonological Processing Disorder යනු එක්තරා ආකාරයක උච්චාරණය සම්බන්ධ ගැටලුවකි. මෙය Speech sound disorder ලෙසද හදුන්වයි.

දෙමාපියන් හා නැදෑයින් දරුවාගේ මෙම කථා විලාශයට බොහෝ කැමැත්තක් දක්වයි. නමුත් මෙම කථා විලාශය ලමයාට වයස අවුරුදු 6 පසුවද පවතී නම්, දෙමාපියන් වශයෙන් ඔබ ඒ සම්බන්ධව අවධානය යොමුකළ යුතුය.

උච්චාරණයේ අපහසුතා (Pronunciation Difficulty) ඇතිවිය හැකි ආකාර කිහිපයක් තිබෙනවා.

එක් ආකාරයක් වන්නේ Articulation disorders සහ අනෙක් ප්‍රධාන ආකාරය වන්නේ Phonological processing disorders යනුවෙන් හැදින්වේ.

Articulation disorders ඇතිවීමට එක් හේතුවක් විය හැක්කේ, කතා කිරීමට අවශ්‍ය ඉන්ද්‍රියන් එනම් දත්, දිව, හනු, තොල් ආදියේ සිදුවන වෙනස් වීම් වලිනි

Phonological processing disorders , මෙම තත්වය මෙයට හේතුව විය හැක්කේ ලමුන්ට එම ශබ්ද නිපදවීම පිළිබඳව සංකල්පය/දැනුම මදිකමයි. මෙය වලකාලීමට කල යුත්තේ ඔවුන්ට ඒ පිළිබඳව අවශ්‍ය දැනුම ලබාදීමයි.

අවුරුදු 5-6 වන දරුවන්ට බොහෝ ශබ්ද උච්චාරණය කිරීමට හැකියාව තිබුනද සමහර ශබ්ද උදා : “ර” උච්චාරණය වයස අවුරුදු 6 වන තෙක් නිසි අයුරින් නොවේ. මේ නිසා දරුවාගේ වයසද උච්චාරණය අපහසුතා සදහා බලපායි.

පහත උදාහරණ බලන්න. මෙවැනි උච්චාරණය අපහසු බොහෝවිට දරුවන් පෙන්නුම් කරයි
සමනලයා- තමනලයා
රතු – ලතු
රඹුටන් ලඹුටන්
තාත්තා-කාක්කා

ඔබේ දරුවාගේ මෙවැනි උච්චාරණය අපහසුතා පහලින් Comment කරන්න .

ඔබේ දරුවාටත් මෙවැනි අපහසුතා ඇති නම් අදම අපගේ කථන චිකිත්සකවරයෙකු හමුවන්න…