ඔටිසම් සදහා ප්‍රතිකාර (Autism therapy)

දරුවාට ඔටිසම් තත්වය ඇති බව දැනගත් විට කල යුතුවන්නේ කුමක්ද? මේ දිනවල ඔටිසම් ගැන බොහෝ දෙමාපියන් කතාකරන්න පටන් අරගෙන තියෙනවා. ඒ සමග බොහෝ දෙනා මේ ගැන වැඩිපුර කියවනවා. ඔටිසම් සදහා ප්‍රතිකාර (Autism therapy) මොනවද? ඔටිසම් හොද කරන්න පුලුවන්ද? බොහෝ ප්‍රශ්න අහනවා.

දරුවාට ඔටිසම් තත්වය තිබෙන විට අපි මොනවාද කරන්න ඕනේ

තමන්ගේ දරුවාට ඔටිසම් තත්වය තිබෙන බව දැනගත් දවස ඒ අයට කවදාවත් අමතක කරන්න බැහැ කියලා කථන චිකිත්සකවරයන් (speech therapist/ speech language pathologist) වශයෙන් අපි ඉතා හොදින් දන්නවා. ඊට අමතරව ඒ අවස්ථාවේ ඔවුන්ගේ මානසික තත්වය ගැන අපට තේරුම් ගන්න අමාරු නැහැ. මෙය පිලිගැනීම දෙමාපියන් කොහෙත්ම කැමති නොවන බවත් අප දන්නවා. නමුත් ඔබ එය පිලිගන්නා තෙක් ඔබට හෝ දරුවාට කිසිම වෙනසක් සිදුවන්නේ නැහැ. මේ කාලය එක් එක් දෙමාපියන්ට වෙනස්වේ. මේ නිසා ඔබ දරුවාගේ මේ තත්වය ඉක්මනින්ම හදුනාගෙන මෙය පිලිගන්න සිදුවෙනවා.

තවත් දෙමාපියන් කථන ප්‍රමාදයන් (Delayed speech) , වර්චුවල් ඔටිසම් (virtual autism) සමග ඔටිසම් (autism) තත්වය පටලවා ගෙන තිබෙනවා. මේ තත්වයන් එකිනෙකට වෙනස්. නමුත් ඒ හැම කෙනාට ඊලට අහන ප්‍රශ්න තමයි

මේ කාලයේදී දෙමාපියන් වශයෙන් ඔබ වඩා ශක්තිමත් විය යුතුයි. අම්මා, තාත්තා අනිවාර්යයෙන්ම එකිනෙකාට උදව් කල යුතුමයි. ඔබ දෙදෙනාගේ එකමුතුකම අනිවාර්යයෙන්ම දරුවාට අවශ්‍ය වෙනවා. ඔබ සෑම විටම මේ ගැන සුභවාදීව සිතන්න. ඔව්, මේ කාලය ඔබට අමාරු කාලයක් විය හැකියි. නමුත් ඉදිරිය ගැන සුබවාදීව දකින්න…

ඔටිසම් හෝ විශේෂ අවශ්‍යතා තිබෙන දෙමාපියන්ට ඊලට එන ප්‍රශ්නය තමයි.

“අනේ අපි දැන් මොකද කරන්නේ කියලා”

මේ වන විට ඔබ දරුවා ගැන හා ඔවුන්ගේ අවශ්‍යතා ගැන අවබෝධයක් ලබා ගෙන ඇත. මේ ගැන සැලකිල්ලට ගෙන දරුවා සුදුසු පරිසරයක් ගෙදරදී සුදානම් කල යුතුය. සෙල්ලම් කිරීමට, ඉගැන්වීමට වෙනම ස්ථානයක් නිර්මාණය කරගන්න. දරුවාගේ sensory difficulty ගැන අවධානය යොමු කිරීම වැදගත් වෙනවා.

තමන්ගේ සමීපතම නැදෑයින් සමග කතාකරන්න, උදව් ලබා ගන්න. අපේ සංස්කෘතිය සමග වෙනත් කිසිදු රටක අපට ලබාගත නොහැකි දේ මෙයයි. ඔවුන් අනිවාර්යයෙන්ම ඔබට උදව් කරයි.

ප්‍රතිකාර ආරම්භ කරන්න…දරුවාට මෙවැනි තත්වයක් තිබෙන බව දැනගත් ගමන්ම මෙය සිදුකල යුතුවේ.

මොනවද තිබෙන ප්‍රතිකාර? බෙහෙත් තියෙනවද? ඉන්ජෙක්ෂන් (Injection) තියෙනවද? සැත්කම් (Surgery) තියෙනවද?

මෙවැනි දේ බොහෝවිට දෙමාපියන් අපෙන් සෑම විටම අහනවා. මොකද සෑම දෙමාපියෙක්ම කැමති දරුවාව ඉක්මනින් සුවකරගන්න. ඉහත ප්‍රශ්නයට උත්තරය “නැහැ“. තවමත් මේ සදහා සාර්ථක ප්‍රතිකාරයක් සොයාගෙන නැහැ.

මොකද මේ තත්වයට හේතුවක් හරියම කියන්න අපහසු නිසා. ඒ නිසා ඇති ලෝකයේ සාර්ථකම ක්‍රමය වන්නේ Therapy (චිකිත්සාව) මගිනුයි. තෙරපි වර්ග විවිධයි. ඒ එක් එක් තෙරපි මගින් සිදුවෙන කාර්යයද වෙනස්වේ.

ඔටිසම් සදහා ප්‍රතිකාර (Autism therapy) වර්ග

  • කථන චිකිත්සාව (Speech Therapy)
  • වෘත්තීය චිකිත්සාව (Occupational therapy)
  • චර්යා චිකිත්සාව (Behavior therapy)

මීට අමතරව තවත් විවිධාකාර therapy තිබිය හැක.

කථන චිකිත්සකවරයන් වශයෙන් speech therapy වල වැදගත්කම මෙහිදී අනිවාර්යයෙන්ම කිව යුතුය. ඔටිසම් සහිත දරුවන්ගේ ප්‍රධානම ගැටලුවක් වන්නේ තම අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි වීම, අනෙක් පුද්ගලයන් සමග එක් වීම අඩුකම වැනි ලක්ශණයි. Speech therapy මගින් දරුවන්ට තම අදහස් හුවමාරු කිරීමට පුහුණුවීම සිදුකරයි. එය විවිධාකාර ක්‍රම වලින් සිදුකරයි. මෙවැනි දරුවෙකුට කථන චිකිත්සාව අනිවාර්යයම සිදුකල යුතුය.

වෘත්තීය චිකිත්සාව (Occupational therapy), Behavior therapy මගින් සිදුවන්නේද දරුවාගේ කුසලතා වර්ධනය කිරීම, හැසිරීම පාලනය කිරීම මගින් දරුවා ස්වාධීන කිරීමයි. එවිට ඔවුන්ට අනාගතයේ තම අවශ්‍යතා තනිව කර ගත හැකි තත්වයට පත්කිරීමයි.

කොපමණ ප්‍රමාණයක් ප්‍රතිකාර (therapy) කරන්න ඕනෙද?

මේ නිසා මේ චිකිත්සාවන් එක දිගට සිදුකල යුතුවෙනවා. දිනපතා හෝ සතියකට වාර 2-3 වත් දරුවාට මේ තෙරපි ලබාදීම අනිවාර්යය වෙනවා. බොහෝ දෙමාපියන් මේ කරුණ ගැන සිතන්නේ නැහැ. එක දිගට ඒ තෙරපි අනිවාර්යයෙන්ම කල යුතු වෙනවා.මේ සියල්ල ඒ අදාල පුද්ගලයන්ට යොමු කිරීම පමණක් මදියි. දෙමාපියන් වන ඔබ අනිවාර්යයෙන්ම ඒ ක්‍රියාකාරකම් නිවසේදී කල යුතු වෙනවා. මොකද දරුවා වැඩි වේලාවක් ඔබ සමග සිටින නිසා හා ඔබ ඔබේ දරුවාව හොදින් දන්නා නිසායි.

සමහර දෙමාපියන් සිතන්නේ දරුවා ඔටිසම් සදහා ප්‍රතිකාර(Autism therapy) වලට දැමු පමනින් සියල්ල හොදින් සිදුවේ යැයි කියලා. එසේ සිතීම වැරදී. ඔබ හොදින්ම දරුවා අවබෝධ කරගැනීම අවශ්‍ය වෙනවා.මීට අමතරව දරුවාව නිතර අලුත් අත්දැකීම් ලබාදීමට නිතර ඔවුන් කඩයට, Supermarket එකට, සෙල්ලම් පිටියට රැගෙන යන්න … එවිට ඔවුන් ඒවාට හුරුවීමට පටන් ගන්නවා.

දරුවා තෙරපි සදහා නිවසෙන් පිටතට රැගෙන යාමෙන්ද දරුවා වෙනස් ස්ථාන වලදී හැසිරිය යුතු ආකාරය ප්‍රායෝගිකවම ඉගෙන ගන්නවා…

Miracle L Speech Therapy අපි හිතනවා මේ ලිපියෙන් ඔබ අලුත් දෙයක් ඉගෙන ගත් බව. මේ පිලිබදව අනෙකු දෙමාපියන් දැනුවත් කිරීමට අනෙක් අය සමග Share කරන්න.

මීට අමතරව ඔටිසම් හදුනාගන්න Free check list එකක් අපි අපේ වෙබ් අඩවියේ පලකරල තියෙනවා…

අපි ආසයි දැන ගන්න මීට අමතරව ඔබ ඔබේ දරුවාව බලාගත් විදිය හා ඔබේ අත්දැකීම් අප සමග පහලින් comment කරලා බෙදාගන්නවානම්. මොකද ඒවා අනාගතයයේදී මෙය කියවන තවත් දෙමාපියෙකුට වැදගත් විය හැකි බැවිනි.

කථන චිකිත්සාව සම්බන්ධ ඕනෑම ගැටලුවක් හෝ ඔබේ දරුවාට කථන චිකිත්සාව (speech therapy) අවශ්‍යය නම් අදම වේලාවක් වෙන්කරගන්න. අපව සම්බන්ධ කරගන්න…