Apraxia of speech

Apraxia of speech ගැන අද අපි දැනුවත් වෙමු. මැයි මස 14 ලෝක Apraxia පිළිබඳව දැනුවත් කිරීමේ දිනයයි.

Apraxia යනු තමන්ට අවශ්‍ය ආකාරයට තමාගේ අවයව වල චලන පාලනය කර ගැනීමට නොහැකිවීමයි. මෙහිදී සිදුවන්නේ මොළයෙන් අපගේ මුඛයට/අවයව වලට ලැබෙන චලනයට අවශ්‍යය පණිවුඩය නිවැරදිව නොලැබීමයි. මොළය හා අවයව අතර ඇති සම්බන්ධය හරි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීමයි.

මේ Apraxia තත්ත්වය කථනයට හා එදිනෙදා දිනචර්යාවට බලපෑ හැකිය. මේ ලිපියෙන් මේ සියල්ල ගැන කතාකරමු. Apraxia තත්ත්වය දරුවන්ට හා වැඩිහිටියන්ට පවතින්න පුලුවන්.

දැන් අපි Apraxia සහිත දරුවෙක් ගැන සිතමු. මේ දරුවාට යම් වචනයක් (උදා: කාර්) කීමට අවශ්‍යවේ, නමුත් දරුවා එය කතාකරන විට පැමිණෙන වචනය ඊට හාත්පසින් වෙනස් වචනයකි( උදා: බස්, ආල්, කා, කාල්). මෙහිදී ඔබට ඇසීමට සිදුවන පුදුම කරුණ වන්නේ ඔබ නොසිතන විටකදී එම වචනයම දරුවා නිවැරදිව පැවසීමයි.මෙහිදී දෙමාපියන් කියන්නේ “අපි දරුවාට යමක් කියන්න කිව්වහම කියන්නේ නෑ , නමුත් දරුවාට හිතුනාම කතාකරනවා. මේ හේතුවෙන් දෙමාපියන් දරුවාට බැනවැදීම්, තරවටු කිරීමේ අවස්ථා speech therapists කෙනක් ලෙස අපි අත්දැක තිබෙනවා . ඇත්තටම මෙය දරුවාට නොදැනුවත්වම ඉබේම සිදුවන ක්‍රියාවකි.

වැඩිහිටියකුට තමන්ගේ එදිනෙදා කාර්යය කිරීමට Apraxia තත්ත්වය බාධා විය හැක. ඔවුන්ට යම් කාර්යයක් කිරිමේදී තියෙන පියවර අමතක වීම , එහි අනුපිළිවෙල වෙනස් වීම. චිත්‍ර ඇදීම, ත්‍රිමාණ රූප නිර්මාණය කිරීමේ අපහසුතා, නිවැරදිව ඇදුම් ඇදීම අපහසු විය හැක. මේ සියල්ලමටම හේතුව වන්නේ මොළයෙන් අපගේ අත්, පා, ඇගිලි වලට ලැබෙන චලනයට අවශ්‍යය පණිවුඩය නිවැරදිව නොලැබීමයි. මොළය හා අවයව අතර ඇති සම්බන්ධය හරි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීමයි.

මෙය උදාහරණයක් මගින් පැහැදිලි කරන්නම්. Apraxia සහිත පුද්ගලයෙක් තේ සාදා ගැනීමට ලැහැස්තිවෙනවා ( තේ සදා ගැනීම දන්නා පුද්ගලයයෙක්). ඒ පුද්ගලයා තේ සාදා ගැනීමේදී අදාල පියවර මාරු කිරීමක් සිදුකරයි. එනම් ප්‍රථමයෙන් ලිප දල්වා, තේ කොල භාජනය දමා, වතුර රත් නොකර, සීනි දමා පානය කරයි. සමහර විට දී ලිප නිවීමද නොකරයි. මෙහිදී සිදුවන්නේ අපගේ මොළයෙන් අවයව (අත්) වලට ලැබෙන චලනයට අවශ්‍යය පණිවුඩය නිවැරදිව නොලැබීමයි. මෙය apraxia හි එක් වර්ගයකි.තවත් වර්ග ඇති නමුත් මෙහිදී ඒවා පිළිබඳව විස්තර නොකෙරේ.

Apraxia සහිත ලමයෙක් හදුනාගන්නේ කෙසේද ?

  1. කථනය ප්‍රමාදවීම ( Delayed speech)
  2. වචන/ ශබ්ද උච්චාරණයේ වෙනස්කම් (Articulation errors)
  3. වචන/ශබ්ද උච්චාරණය අනුකරණය කිරීම අපහසුතා ( Difficulty in verbal imitation)
  4. ඉගෙනගැනීමේ අපහසුතා (Academic learning problem)
  5. මුහුනේ ඉරියව්වල වෙනස් කම්.(Changes in facial expression)
  6. සියුම් කාර්යයන් කිරීමට අපහසුවීම.( Difficulty in fine motor skills)
  7. සෙමින් කතාකිරීම (Speak more slowly)

Apraxia of speech සහිත ලමයෙක්ගේ/ වැඩිහිටියන්ගේ කථන හැකියාව වර්ධනය කිරීමට කථන චිකිත්සකවරයෙකු (Speech therapist/ speech pathologist) සමග සිදුකල හැකිය. මෙහිදී ශබ්දය නිවැරදිව කතාකරන ආකාරය පුරුදු කිරීමක් සිදුකරයි.